Friday, September 20, 2024

General line - 0115112241

බැලූම්ගල අනාවරණයෙන් වැලිපිටිය මූණමල්ප ප‍්‍රදේශයේ නීති විරෝධි පස් ජාවාරම බලධාරීන්ගේ අවධානයට




නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනේ ඊයේ ප‍්‍රචාරය කෙරුණු මාතර වැලිපිටිය මූණමල්ප ප‍්‍රදේශයේ නීති විරෝධි පස් ජාවාරම සමබ්න්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මාතර ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනියුක්ත පරිසර අධිකාරියේ නිළධාරින් පිරිසක් එම ඉඩම් පරික්ෂා කිරීමට පැමිණි බවයි ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කළා.

මහා බෝධි සමාගම විසින් මූණමල්ප ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් තැගි ඔප්පුවක් මගින්  කඩොල්ගල ශ‍්‍රී සුබද්‍රාරාම විහාරස්ථානයට පිරිනමා තිබෙනවා. 

මෙම නීති විරෝධී පස් ජාවාරම සිදු කර තිබෙන්නේ එම ඉඩමේ බවයි බැලූම්ගල ඊයේ අනාවරණ කළේ. 

මේ සඳහා එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වැල්ලානේ සුගතානන්ද හිමියන්ද මෙම ජාවාරමට සම්බන්ධ බව  බැලූම්ගල මෙහිදි අනාවරණ කළා. 

නෙත් එෆ් එම් බැලූම්ගල කළ මෙම අනාවරණයට ප‍්‍රදේශවාසින් සිය ස්තූතියද පළ කළා.