Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් සමීර සේනාරත්නට වෙඩි තැබිම සැළසුම් කළ මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ඇරඹේ




සයිටම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී  වෛද්‍ය සමීර සේනාරත්නට වෙඩි තැබිම සැළසුම් කළ මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

මෙය සැළසුම් සහගතව සිදු කළ එකක් බවටයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. 

මේ පිළිබඳව නෙත් නිවුස් සයිටම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී  වෛද්‍ය සමීර සේනාරත්නගෙන් විමසිමක් කළා.

ඔහු පැවසුවේ තමන් දැනට සිදු කල විමර්ශනවලට අනුව තමන්ද වරදකරු වි ඇති බවයි.

මේ අතර සයිටම් ආයතනයේ සහ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරෙහි රාජකාරීවලින් වෛද්‍ය සමීර සේනාරත්න තාවකාලිකව නිදහස් කර තිබෙනවා. 

තමන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන සයිටම් පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී සමීර සේනාරත්න කියා සිටියේ.