Friday, September 20, 2024

General line - 0115112241

බැඳුම්කර කොමිසමේ නිලධාරීන් මහබැංකුවට




උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා ඝාතනයට ඇල්ලූ කාන්තාවන් දෙදෙනාට චෝදනා ගොනු කෙරේ.

ආන්දෝලනයට තුඩු දි ඇති මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් අද පෙරවරුවේ මහබැංකුවට පැමිණියා. 

ඒ, ශ‍්‍රී ලංකා මහබැංකුවේදී සිදු වන බැඳුම්කර වෙන්දේසිය නිරීක්ෂණය කිරීම සඳහායි.

මෙහිදී රුපියල් මිලියන විසිහතර දහසක බැඳුම්කර වෙන්දේසියක් සිදු කරනු ඇති බවටයි වාර්තා වන්නේ. 

බැඳුම්කර වෙන්දේසිය නිරීක්ෂණය සඳහා කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කේ ටී චිත‍්‍රසිරි මෙන්ම එස් ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති තේ වේලූපිල්ලේද සහභාගී වනවා.