Friday, September 20, 2024

General line - 0115112241

පාතාල නායක තෙල් බාලාගේ සිරුර ඉන්දියාවේ සිට දිවයිනට




ඉන්දියාවේදී ජිවිතක්ෂයට පත්වූ පාතාල නායකයෙකු ලෙස සැළකෙන කරුපයියා වාප්පුබාලන් හෙවත් තෙල් බාලා නැමැත්තාගේ සිරුර මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ඔහුගේ වයස අවුරුදු 59ක්. චෙන්නායි නුවර සිට පැමිණි යූ එල් 126 දරන ගුවන් යානයෙන් ඔහුගේ සිරුර රැගෙන ආ බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. 

අවයව බද්ධ කිරීමේ සැත්කමකදී ඇති වූ සංකූලතාවක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි පැවසෙන්නේ.