Friday, September 20, 2024

General line - 0115112241

ජනපති කොමිසම, මහ බැංකු බැදුම්කර වෙන්දේසිය නීරීක්ෂණය කරයි




ශ‍්‍රී ලංකා මහබැංකුවේදී අද පෙරවරුවේ ආරම්භ වු බැඳුම්කර වෙන්දේසිය මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ගේ නිරීක්ෂණයට ලක් වුණා. 

මෙම වෙන්දේසියේදී රුපියල් මිලියන විසිහතර දහසක බැඳුම්කර වෙන්දේසියක් සිදු වනු ඇති බවටයි වාර්තා වන්නේ.

බැඳුම්කර වෙන්දේසිය නිරීක්ෂණය සඳහා කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කේ ටී චිත‍්‍රසිරි මෙන්ම එස් ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ වේලූපිල්ලේද සහභාගී වනවා.
 
මිට අමතරව නිතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ ජ්‍යේෂ්ඨ නිතිඥවරුන් පිරිසක්ද ඊට එක්ව සිටින බවයි වාර්ත වුණේ. 

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම  වෙනුවෙන්ද නීතිඥවරයෙකු මෙම අවස්ථාවට සහභාගී වීමටයි නියමිතව සිටියේ.