Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප්‍රථම ජාතික සමුඑවට ජනපති එක්වෙයි




ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප්‍රථම ජාතික සමුඑව ඊයේ (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අතර, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද ඊට එක්විය.

ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින් සම්පාදනය කළ ''තිරසර යුගයක මග'' නම් වූ ජාතික සැලැස්ම මෙහිදී ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. 

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, ඩිලාන් පෙරේරා යන මහත්වරුන් සහ විද්වතුන්, ව්‍යාපාරිකයින්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින්, රාජ්‍ය සේවකයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.