Friday, September 20, 2024

General line - 0115112241

ගල්කිස්ස අධිකරණ භූමියේ ගිනි අවි දෙකක්! - පාතාල නායක රොහා ඝාතන තැතක් දැයි සැක




ගල්කිස්ස අධිකරණ භූමියේ තිබී අද පෙරවරුවේ ගිනි අවි දෙකක් සොයා ගෙන තිබෙනවා.

ඒ අතරට මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ තවත් ගිනි අවියක් ඇතුළත්. 

මෙම ගිනි අවි දෙක අධිකරණ ශාලාවේ බංකුවක් යට තිබූ බවයි පොලිසිය පැවසුවේ. 

ඒවායේ උණ්ඩ පුරවා තිබූ බවද සඳහන්. කෙසේ වෙතත් ගිනි අවිය අධිකරණ භූමියට ගෙනැවිත් ඇත්තේ කවුරුන් දැයි මෙතෙක් අනාවරණ වි නැහැ. 

මේ අතර පාතාල නායක හැරල්ඞ් රොහාන් ද සිල්වා නොහොත් රොහා නැමැත්තා නඩුවක් සඳහා ගල්කිස්ස අධිකරණයට අද රැගෙන ආවා. 

පොලිසිය පවසන්නේ මෙම ගිනි අවිය රැගෙනවිත් ඇත්තේ රොහා නැමැත්තා ඝාතනය කිරිමට දැයි සැකයක් පවතින බවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.