Friday, September 20, 2024

General line - 0115112241

උදැල්ලකින් පහරදී කාන්තාවක ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ ඳඩුවම




උදැල්ලකින් පහර දී කාන්තාවක ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට අනුරාධපුර මහාධිකරණයේ දී අද මරණ ඳඩුවම නියම කෙරුණා.

ඒ, උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්නගේ නියෝගයක් අනුවයි. 

පදවිය පරාක‍්‍රමපුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස ඳඩුවම් නියම කෙරුණා. 

2008 වසරේ මාර්තු මස 31 වන දා හෝ ඊට ආසන්න දිනක දී අනුරාධපුර වැලිඔය හංසවිල වෙල්යායේ දී අදාළ ඝාතනය සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.