Friday, September 20, 2024

General line - 0115112241

පාතාලය ගැන කැබිනට් මණ්ඩලයෙත් ලොකු සාකච්ඡාවක්




පාතාල ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම සහ ඒ සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද සාකච්ඡා වූ බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ පාතාලය මර්දනය කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පොලිසියට පැවරෙන බවයි. 

අද පොලිසියට පූර්ණ ස්වාධීනත්වය සහ නිදහස ලැබී ඇති බවත් ඒ හේතුවෙන් මෙම පාතාල ක්‍රියා කඩිනමින් මැඩලිය යුතු බවත් සඳහන් කළා.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න ද කළුතර සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

එහිදී ඔහු පැවසුවේ "මේ තාම පළවෙනි අවස්ථාව මේ ආණ්ඩුව යටතේ. පසුගිය ආණ්ඩුව කාලේ කොච්චර වුණාද?. මේ වෙනකොට කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපතිගේ මම හිතන්නෙ වැඩ තහනම් කරලා තියෙනවා.අවශ්‍ය පරීක්ෂණ කරගෙන යනවා. කොච්චර කළත් ඉතින් මේ ලංකාවනේ." යනුවෙනි.