බේරුවල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 10 වසරේ ඉගෙනුම ලබන පාසල් ළමුන් 03 දෙනෙකු අද (01) මුහුදේ දිය නෑමට ගොස් අනතුරකට මුහුණ දුන්නා.
එහිදී එක් සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇති අතර අනෙක් සිසුවා මුහුදේ ගසාගෙන ගොස් සිටියදී සොයාගෙන රෝහල් ගත කර තිබෙනවා.
තවත් එක් සිසුවෙකු අතුරුදහන් බවයි වාර්තා වෙන්නේ. බෙරුවල මුහුදේ දිය නාමින් සිටියදී මොවුන් මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
මෙම පාසලේ අනෙක් සිසුන් අධ්‍යාපන චාරිකාවක් සඳහා සහභාගී වී ඇති අතර මෙම සිසුන් තිදෙනා මෙලෙස මුහුදේ දිය නෑමට ගොස් තිබුණේ එම ගමන මගහරිමින් බවයි වාර්තා වුණේ.
(පහත සෙල්ෆි ඡායාරූපයෙන් දැක්වෙන්නේ දියේ ගිලි මියගොස් සිටි සිසුවායි.)