Tuesday, September 17, 2024

General line - 0115112241

හතක් ඝාතනය වූ බන්ධනාගාර බස් රථයේ තිබූ ගිනිපෙට්ටියක් ගැන පොලිසියට කුතුහලයක්




කළුතර මල්වත්ත ප‍්‍රදේශයේ දී වෙඩි ප‍්‍රහාරයට ලක් වූ බන්ධනාගාර බස් රථය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශන මෙහෙයවමින් සිටිනවා.

අදාළ බස් රථයේ බන්ධනාගාර රැඳවූවන් රඳවා සිටි කොටසේ ඉදිරිපස අසුනක් මත ඇති ගිනිපෙට්ටියක් සම්බන්ධයෙන්, පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වල අවධානය යොමුව  ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර රැඳවූවන්ට දුම්වැටි හෝ එවැනි කිසිඳු ද්‍රව්‍යයක් භාවිත කිරීමට අවස්ථාවක් නැහැ.  එවැනි තත්වයක් යටතේ බන්ධනාගාර බස් රථය තුළ තිබී ගිනි පෙට්ටියක් හමුවීම සම්බන්ධයෙන් සැක මතුවන බවයි පොලිසිය පවසන්නේ. මේ සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. 

මේ අතර ඝාතනයට පැමිණි සැකකරුවන් භාවිත කළ වෑන් රථය සහ කැබ් රථය සම්බන්ධයෙන් ද පොලිසිය තවදුරටත් විමර්ශන මෙහෙයවනවා. අදාළ වෑන් රථය අතහැර දමාගොස් තිබුණේ මොරගහහේන ප‍්‍රදේශයේදීයි.

ඒ ආසන්නයේ පිහිටි අතහැර දමන ලද කර්මාන්ත ශාලාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද පෙරවරුවේ හදිසි පරීක්ෂාවකට ලක්කළා.