Tuesday, September 17, 2024

General line - 0115112241

පළාත් සභා මන්ත්‍රිවරියගෙන් උත්සව සභාවට ගීතයක් (VIDEO)




ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘කාන්තා හඬ අවදි කරමු‘ මැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය හා සිවිල් සංවිධාන සංවිධානය කළ විශේෂ පාගමන කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී අද (01) පැවැත්වුණා.

අගමැති බිරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණා. චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරළ යන අමාත්‍යවරියන් ද ඊට එක්ව සිටියා.

මේ අතර කෑගල්ල දිස්ත‍්‍රික් කාන්තා දින පාගමන හා උත්සවය අද මාවනැල්ලේදි පැවත්වුණා.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ වත්සලා ජීනාදරී පත්මසිරි සබරගමුව පළාත් සභාවේ මන්ත‍්‍රිවරියයි. ඇය මෙම උත්සව සභාවේදී ගීතයක්ද ගායනා කළා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)