Tuesday, September 17, 2024

General line - 0115112241

පාතාලේ වෙඩි වරුසාවෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට වන්දි




කළුතර දී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උස්සවීම් ලබාදීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මියගිය දෙවන පෙළ ජේලර් එස්. ආර්. විජේරත්න පළමු පෙළ ජේලර්වරයෙකු ලෙසටත්, බන්ධනාගාර නියාමක එස්. සන්නිගම් සැරයන් නිලයටත් උසස් කරනු ඇති.

ඔවුන්ගේ විශ‍්‍රාම වයස් සීමාව සම්පූර්ණ වන තෙක් වැටුප් සහ දීමනා ඥාතීන් වෙත අඛණ්ඩව ලබාදීමට ද යෝජනා වී තිබෙනවා. ඊට අමතරව එක් අයෙකුට රුපියල් ලක්ෂ විස්ස බැගින් ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත වන්දි ලබාදීමට ද තීරණය වී ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.