Tuesday, September 17, 2024

General line - 0115112241

රට රැකියාවට ගිය අපේ 05 ක් අතුරුදහන් (PHOTOS)




සෞදි අරාබියේ හා ලෙබනනයේ රැකියා සඳහා ගොස් මේ වන තෙක් කිසිඳු තොරතුරක් නොමැති පිරිසක් පිළිබඳව විදේශ සේවා නියුත්කි කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු ඉල්ලා සිටිනවා.

පවුලේ සාමාජිකයින් ඒ පිළිබඳව කාර්යාංශයට පැමිණිලි කර තිබෙන බවයි සඳහන් කරන්නේ.

ඒ සම්බන්ධයෙන් කටයුතු සොයාබැලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් මහජනතාවගේ සහය කාර්යාංශය බලාපොරොත්තු වනවා.

විශේෂයෙන් සෞදි අරාබියේ හා ලෙබනනයේ රැකියාවේ නියුතු පහත නම් සඳහන් අය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 / 011 2864136 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ද ඉල්ලා සිටිනවා.

(අදාළ ඡායාරූප සහ විස්තර පහතින් දැක්වෙයි)