Tuesday, September 17, 2024

General line - 0115112241

ගත වූ මාස දෙකට ඩෙංගු රෝගීන් 16000ක්!




මේ වසරේ ගත වූ මාස දෙක තුළ ඩෙංගු රෝගීන් 16479 වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 24ක්. 

කෙසේ වෙතත් ජනවාරී මාසයට සාපේක්ෂව පෙබරවාරී මාසයේ දී රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙනවා. 

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මාර්තු මස 29 වනදා සිට අපේ‍්‍රල් මස 04 වනදා දක්වා ඩෙංගු මර්දන වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. 

රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, ත‍්‍රීකුණාමලය සහ රත්නපුරය යන දිස්ත‍්‍රික්කවලින්. 

ඩෙංගු මර්දන වැඩසටහනේ දී මදුරු මර්දන ක්ෂේත‍්‍ර නිලධාරීන් පන්සියයක් බස්නාහිර පළාත කේන්ද්‍රගතව බදවා ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

දිස්ත‍්‍රික්ක ආශ‍්‍රිතව කෙරෙන දුමායන කටයුතු ද අඛණ්ඩව සිදු කෙරෙනු ඇති.