Monday, April 29, 2024

General line - 0115112241

හම්බන්තොට ඉඩම් වෙනුවෙන් වාසු පැවරූ නඩුව කල්යයි




හම්බන්තොට වරාය සහ ඉඩම් අක්කර පහලොස් දහසක් චීන සමාගම් කිහිපයකට පැවරීමට අත්සන් කර ඇති මූලික ගිවිසුම අත්හිටුවන්නැයි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සළකා බැලීම අපේ‍්‍රල් මස 07 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීරණය කළා.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර විසින්.  

හම්බන්තොට වරාය සහ ඉඩම් චින සමාගම්වලට බදු දීමට කැබිනට් මණ්ඩලය තිරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බවයි පෙත්සම මගින් පෙන්වා දි ඇත්තේ. කැබිනට් මණ්ඩලය සහ නීිතිපතිවරයා එහි වග උත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.