Friday, September 20, 2024

General line - 0115112241

ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ සේවකයා තවමත් ජල ටැංකිය මත




ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ සේවකයෙකු අඩි 70 ක් පමණ උස ජල ටැංකියක් මතට නැග ආරම්භ කළ විරෝධතාව තවදුරටත් කි‍්‍රයාත්මක වනවා. 

ආදේශක කම්කරුවෙකු ලෙස සේවය කරන තමන්ට සෙසු ආදේශක කම්කරුවන්ට මෙන් රාජකාරියක් ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව ආරම්භ කෙරුණා. 

ඒ, ඊයේ පස්වරුවේයි. තමන්ට නිසි රාජකාරියක් නොලැබීම හේතුවෙන් මාසිකව ලබාගත හැක්කේ අඩු වැටුපක් බවයි එම සේවකයා පවසන්නේ. 

වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා පැමිණෙන තුරු තම විරෝධතාව අවසන් නොකරන බවයි ඔහු වැඩිදුරට ප‍්‍රකාශ කර ඇත්තේ.