Friday, September 20, 2024

General line - 0115112241

පානදුරේ කහ ඉර මත වේගයෙන් එන මරුවා දැක 'දියණිය පසෙකට විසි කර' අනතුරට හසුවූ අම්මා 




පානදුර නගරය ආසන්නයේ  පදික මාරුම මතින්  මාරුවීමට ගොස්  පෞද්ගලික බස්‌ රථයක ගැටී බරපතළ තුවාල ලබා ඇති මවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඒවා තිබෙනවා.

මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකට හසුව පානදුර අගමැති බාලිකා පාසල අසල දී ඇය තුවාළ ලබද්දී  ඇගේ දරුවා ද එම ස්ථානයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

වේගයෙන් එන බසය දැක මව විසින් පදික වේදිකාව දෙසට දරුවා තල්ලු කිරීම නිසා දරුවා බේරී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ පානදුර තුඩුව ප්‍රදෙශයේ පදිංචි වඩුගේ රන්දිමා ජීවන්ති නමැති 26 හැවිරිදි එක්‌දරු මවක්.

බස්‌ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.