Friday, September 20, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  එක් මන්තීරුවක් වැසේ 




දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර මාතර දෙසට ධාවනය වන එක් මන්තීරුවක් මේ වන විට වසා දමා තිබෙනවා. 

ඒ. ඊයේ රාත‍්‍රියේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන්. 

කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ධාවනය වී  ආරක්ෂිත වැටෙහි ගැටී තිබෙනවා. 

නෙත් නිවුස් කළ විමසිමකදී දක්ෂිණ අධිවේගි මාර්ගයේ අධ්‍යක්ෂ එස්  ඕපනායක පැවසුවේ අදාළ ස්ථානයෙන් කන්ටේනරය ඉවත් කිරීම ආරම්භ කර ඇති බැවින් මාර්ගයේ එක් මන්තීරුවක් මෙලෙස වසා දැමූ බවයි.

 දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන් ගන්නා රථ වාහන පින්නදුව සහ බද්දේගම අතරදී සැළකිලිමත්ව ධාවනය කරන ලෙසයි දක්ෂිණ අධිවේගි මාර්ගයේ අධ්‍යක්ෂවරයා  රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.