Friday, September 20, 2024

General line - 0115112241

මේ වසරේ දැනට 'ඩෙංගු රෝගීන්' විසි එක්දහසක් 




2017 වසරේ ගතවූ කාලය තුල ඩෙංගු රෝගින් විසි එක්දහසකට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ ඉන් රෝගීන් 8800ක් බස්නාහිර පළාතින් වාර්තා වී ඇති බවයි. 

ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා බඳවා ගත් මදුරු මර්දන සහායකයින් පන්සිය දෙනෙකු පුහුණුවෙන් පසු ක්‍ෂේත‍්‍ර රාජකාරී සදහා අනියුක්ත කිරීම වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.