Friday, September 20, 2024

General line - 0115112241

දිල්රුවන් සෙමින් වාර්තා අතරට යද්දී බංග්ලාදේශය අනතුරු හැඟවූ හැටි 




දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවන දිනය වන අද (18) දිනය නිමවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 268ක් ලබා සිටියා.

එහිදී දිල්රුවන් පෙරේරා ලකුණු 26ක් ද සුරංග ලක්මාල් ලකුණු 16ක් ද නොදැවී ලබා ගත්තා.

දිමුත් කරුණාරත්න  ලකුණු 126ක් ලබාගෙන ශ්‍රී ලංකා දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට මේ වනවිට පත්ව සිටිනවා.

මෙම තරගයේදී නොදැවී සිටින  දිල්රුවන් පෙරේරා පන්දු 126 කදී ලකුණු 26 ලබා ගත් අතර එය සෙමින් ලකුණු රැස්කිරීමේ වාර්තා අතරට එක්වෙමින් තිබෙනවා.

මෙම දෙවන ඉනිමේදී බංග්ලාදේශ පන්දු යවන්නන් වැඩි දක්ෂතා දක්වනු ලැබුවා.

කොළඹ පි සරා  ඕවල් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ අවසන්  දිනය හෙටයි.