Saturday, July 27, 2024

General line - 0115112241

මාලදිවයිනේ ඉන්ෆ්ලූවෙන්සා නිසා  ශ‍්‍රී ලංකන් සීරුවෙන් 




මාලදිවයිනේ පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා AH1N1 උණ රෝගය හේතුවෙන් ශ‍්‍රී ලංකන්  ගුවන් සමාගමද ඒ පිළිබඳව සිය අවධානය යොමු කර තිබෙනවා. 

මාලදිවයින් රජයේ සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය ප‍්‍රකාශ කර ඇත්තේ මේ හේතුවෙන් එරට සංචාර සඳහා අවධානමක්ද මතුව ඇති බවයි. 

මෙය සැලකිල්ලට ගනිමින් මාලදිවයින වෙත ගමන් කරන සහ එහි සිට පැමිණෙන ගුවන් යානා සඳහා බෝ වන රෝග වැළැක්වීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරිමටයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන ඇත්තේ. 

ඒ අනුව මාලදිවයින වෙත සිදු කරන ගුවන් ගමන්වලදී මුහුණු ආවරණ  පැළඳීමට ද ශ‍්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. 

අවශ්‍ය නම්  ඕනෑම මගියෙකුට ඒවා සැපයීමට පියවර ගෙන ඇති බවයි ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.