Friday, February 7, 2025

General line - 0115112241

ගිනිඅවි 5 ක් ළග තබාගෙන ගංජා වැවූ අයෙකු අත්අඩංගුවට




බදින තුවක්කු 5 ක් ළග තබාගෙන ගංජා හේනක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයෙකු කැකිරාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කැකිරාව පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. 

හේන් බිමක් වගා කරන මුවාවෙන් වෙරුංකුලම වැව් ඉස්මත්තේ මොහු ගංජා වගාවක්ද සිදුකර තිබෙනවා. 

සැකකරු අද කැකිරාව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.