Friday, September 20, 2024

General line - 0115112241

ති‍්‍රකුණාමලයේ අනතුරකින් පියෙකු සහ දියණියක් මරුට




ති‍්‍රකුණාමලය - මඩකලපුව මාර්ගයේ වෙරුගල් පාලම අසල සිදුවූ රිය අනතුරකින් පියෙකු සහ දියණියක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. 

බස්රථයක් සහ තී‍්‍රරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණා. 

මියගිය පියා 56 වන වියේ පසුවන අතර දියණියගේ වයස අවුරුදු 19 ක්. 

ඔවුන් තී‍්‍රරෝද රථයේ ගමන් කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.