Friday, September 20, 2024

General line - 0115112241

ද්‍රවිඩ ජාතික සන්ධානයේ යෝජනාවලිය රජය ප‍්‍රතික්ෂේප කරනවා - නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා




ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ද්‍රවිඩ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය රජය ප‍්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. 

එම යෝජනාව ජාත්‍යන්තරය ද ප‍්‍රතික්ෂේප කර ඇති බවයි නෙත් නිව්ස් සමග සාකච්ඡාවකට  එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. 

ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනා ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාව අමතර කාලයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය සිය විරෝධය පල කළා.

එමෙන්ම ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලියක්  ද ද්‍රවිඩ ජාතික සන්ධානය මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කළා.

.................................

දෙමළ සන්ධානයේ යෝජනාවලිය ජගත් මානව හිමිකම් කොමිසමට

19-03-2017 11:15

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ඉදිරිපත් කළ යෝජනා කඩිනමින් කි‍්‍රයාත්මක කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය ඉකුත්දා සම්මත කර ගත් යෝජනාවලිය ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා වෙත යොමුකර තිබෙනවා.  

උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවඥානම් පැවසුවේ ඉකුත් 17 වනදා අදාළ යෝජනාවලිය මානව හිමිකම් මහකොමසාරිස්වරයා වෙත යොමුකළ බවයි. 

ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ පැවති විශේෂ රැස්වීමකදී දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාව සම්මත කර ගත්තා.

උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම, දෙමළ ජනතාව වෙනුවෙන් ස්වයං තීරණ ගැනීමට අයිතියක් ලබාදීම ඇතුළු යෝජනා කිහිපයක් ඊට ඇතුළත්. 

අදාළ යෝජනාවට උතුරු පළාත් සභාව නියෝජනය කරන සිංහල මන්තී‍්‍රවරුන් දෙදෙනා සහ පළාත් විපක්‍ෂ නායක එස් තවරාජා පමණක් විරුද්ධව ඡන්දය භාවිත කළා.

යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර තිබුණේ එම් කේ සිවාජලිංගම් මන්තී‍්‍රවරයා විසින්.