Friday, September 20, 2024

General line - 0115112241

5G තිබ්බොත් කොහොම තියෙයිද - මෙන්න දකුණු ආසියාවේ පළමු වරට  ලංකාවේ දී 5G  අත්හදා බැලීම් ඇරඹුණු හැටි 




5G  තාක්ෂණය මේ වනවිට හඳුන්වාදී නොමැති වුවත් ලොව පුරා අත්හදා බැලීම් කටයුතු සිදු වනවා.

එහිදී දකුණු ආසියාවේ ප්‍රථම  5G  නව උත්පාදන කේන්ද්‍රය  පිහිටුවීම සඳහා තෝරා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ මොබිටෙල් ආයතනයත් සමග එක්ව  එරික්සන් සමාගම දකුණු ආසියාවේ ප්‍රථම  5G  නව උත්පාදන කේන්ද්‍රය  පිහිටුවීම සඳහා වූ සහයෝගීතාවයකට මේ වනවිට එළඹ තිබෙනවා


5G නව උත්පාදන කේන්ද්‍රය  තුළින් දේශයේ තොරතුරු තාක්ෂණ නිපුණතාවයන් හා හැකියාවන් තව දුරටත් දියුණු වනු ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  විදුලි සංදේශ හා ඩිජිටල් පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ඩිජිටල් හා දැනුම කේන්ද්‍ර  කරගත් සමාජයක් ලෙස පරිවර්තනය කිරීමත් සමග වැඩි රැකියා අවස්ථා වෙත යොමුවිය හැකි වනු ඇති බවයි.