Friday, September 20, 2024

General line - 0115112241

චීන ආරක්‍ෂක ඇමති අද දිවයිනට




චීන ආරක්‍ෂක අමාත්‍ය චැන්ග් වැන්කුවෑන් තෙදින නිල සංචාරයක් සදහා අද (19) දිවයිනට පැමිණෙනවා. 

ඒ, චීන ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ නියෝජිත පිරිසක්ද සමගයි. 

චීන ආරක්‍ෂක අමාත්‍යවරයා හෙට පස්වරුවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන හමුවී සාකච්ඡා කරනු ඇති.

අනිද්දා පෙරවරුවේ චීන ආරක්‍ෂක අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. 

දෙරට අතර ආරක්‍ෂක සහයෝගිතාව වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වනවා.