Friday, September 20, 2024

General line - 0115112241

උතුරේ ආවා කල්ලියට සම්බන්ධ තුන්දෙනෙකු කොළඹින් අත්අඩංගුවට




උතුරු පළාතේ කි‍්‍රයාත්මක ආවා කල්ලියට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයන් තිදෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මොවුන් මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් බවට හදුනාගෙන ඇති බවයි. 

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහේන සහ දෙහිවල යන ප‍්‍රදේශවල සැගව සිටියදීයි. 

ඔවුන්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලට අනුව ආවා කල්ලියට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මකයි.