Friday, September 20, 2024

General line - 0115112241

වසා දැමුණු කින්නියා පාසල් හෙට විවෘත කෙරේ




ඩෙංගු රෝගය පැතිරයාම හේතුවෙන් වසා දැමුණු කින්නියා අධ්‍යාපන කලාපයේ පාසල් 66 ක් හෙට යළි විවෘත කෙරෙනවා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ එම් එම් අහමඞ් ලෙබ්බේ සදහන් කළේ ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ද දැනුවත් කළ බවයි. 

පාසල් වසා දැමුණු දින තුන වෙනුවෙන් ඉදිරි සෙනසුරාදා දිනයන්හිදී ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙසටද විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

රෝගය පාලනය කිරීම සදහා සෞඛ්‍ය අංශ අවශ්‍ය පියවර ගෙන ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.