Monday, December 23, 2024

General line - 0115112241

ඉන්දියානුවෙකු යාපනය බන්ධනාගාරයෙන් පලා යයි




යාපනය බන්ධනාගාරයේ රදවා සිටි ඉන්දියානු ජාතිකයෙකු ඉන් පළාගොස් තිබෙනවා. 

මොහු වීසා නොමැතිව රෙදිපිළි අළෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙක්. 

මොහු කලක් එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධව කටයුතු කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. 

44 හැවිරිදි මොහු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මොහු ඉකුත්දා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

එහිදී මෙලෙස පලාගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.