Friday, September 20, 2024

General line - 0115112241

තනි දුම්වැටිය විකුණන්න බෑ - හෙට ඇමති අත්සන් කරන දුම්වැටි නීතිය මෙන්න




තනි දුම්වැටිය  අලෙවි කිරීම වළක්වාලීමේ  කැබිනට් පත්‍රිකාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

තමන් හෙට(20)  ඒ සඳහා අත්සන් තබන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

තනි දුම්වැටිය බැඟින් අලෙවි කිරීම වළක්වාලීමේ නීති රීති මෙම කැබිනට් පත්‍රිකාවට ඇතුළත් වනවා.

මල්වාන ප්‍රදේශයේ වෛද්‍ය  සායනයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ  දුම්පානය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.