මකුණන් විශේෂයක් බෝවීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය දින 03 කට වසා දමා තිබෙනවා.
පසුගිය සිකුරාදා පස්වරුවේ වසා දැමුණු කොළඹ වෛද්‍ය පීඨයේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන අඟහරුවාදා දිනයේදීයි.
එම විශ්ව විද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ශිෂ්‍ය නේවාසිකාගාරවල සහ අනෙකුත් ගොඩනැගිලිවල ඇඳ මකුණන් සීග්‍ර ලෙස ව්‍යප්ත වී ඇති බවයි.
මකුණන් මර්දනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍යක් යෙදීම හේතුවෙන් වෛද්‍ය පීඨය මෙලෙස වසා දමා ඇති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කලා.