Friday, September 20, 2024

General line - 0115112241

තොරතුරු දැන ගැනීමේ පනතින් රාජ්‍ය පාලනය යහපත් දිශානතියකට -  කථානායක




ජනතාවට යහපත් සමාජයක් තුළ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම දේශපාලඥයින්ගේ ප‍්‍රමුඛ අරමුණ විය යුතු බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. 

තොරතුරු දැන ගැනීමේ පනත තුළින් රාජ්‍ය පාලනය යහපත් දිශානතියකට යොමු කළ හැකි බවයි කථානායකවරයා පෙන්වා දුන්නේ. 

ජාතික එකමුතුව සඳහා ජනමාධ්‍යයේ කාර්ය භාරය පිළිබඳ  වූ වැලිගම ප‍්‍රකාශනයට වසර 10 ක් සපිරීම නිමිත්තෙන් අද පැවති විශේෂ කථිකාවකට එක්වෙමින් කථානායකවරයා මෙම අදහස් පල කලා. 

පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම් ඒ සුමන්තිරන් සහ මාධ්‍ය කේෂ්ත‍්‍රයට සම්බන්ධ ප‍්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.