Friday, September 20, 2024

General line - 0115112241

මධ්‍යම කඳුකරයේ අවසන් කඳු පන්තියේ කළු ගල් කැඞීමට අවසර දීම මගින් පාරිසරික ගැටළු රැසක් මතුවෙයි




කුරුණෑගල රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොම්මුන්නාව කඳු පන්තියේ කළු ගල් කැඞීමට අවසර දීම හේතුවෙන් පාරිසරික ගැටළු ගණනාවක් මතුව තිබෙනවා.

සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකුගේ අවධානයක් යොමුව නොමැති බවයි.

මූලික පරිසර තක්සේරු වාර්තාවක් හෝ සිදු නොකර ගල් කැඞීම සඳහා අවසර දී ඇති බවයි එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ.

මීට දශක කිහිපයකට පෙර මෙම කඳු වැටියේ මිණිරන් පතල් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මේ දිනවල සිදු කෙරෙන කළු ගල් කැඞීම් හේතුවෙන් ගොම්මුන්නා කඳු වැටිය අවට ජනතාවගේ ජීවිත ද තර්ජනයකට ලක්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් කියා සිටියේ මෙම විනාශයට එරෙහිව ඉදිරියේ දී මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද භාරදෙන බවයි.