Friday, September 20, 2024

General line - 0115112241

පිරිමින් අතර ඒඞ්ස් පැතිරීම තුන් ගුණයකින් ඉහළට




ඒඞ්ස් වෛරසය ආසාදනය වීම මේ වනවිට ශීඝ‍්‍රයෙන් වැඩිවෙමින් ඇතැයි ජාතික ලිංගාශ‍්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසුවේ පිරිමි පුද්ගලයින් අතර ඒඞ්ස් වෛරසය ආසාදනය වීම තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි. 

පාසල් දරුවන් අතර ද ඒඞ්ස් පැතිර යන තත්ත්වයක් පෙන්නුම් කරන බවයි ඔහු කියා සිටියේ. 

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම තවදුරටත් සිදු කළ යුතු බවයි මෙහි දී වැඩිදුරටත් අවධාරණය කෙරුණේ.