Friday, September 20, 2024

General line - 0115112241

අපේ ප‍්‍රශ්න විසඳ ගන්න අපිට පුළුවන් - අගමැතිගෙන් ප‍්‍රකාශයක්




ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු, ජාත්‍යන්තර අතපෙවීම්වලින් තොරව විසඳා ගැනීමේ හැකියාව රට සතුව පවතින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. 

ජාත්‍යන්තර අධිකරණ හෝ නීති කිසිවක් අවශ්‍ය නොවන බවයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. 

රට තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා ක‍්‍රියාමාර්ග ගැනීමේ දී සියලූ ශ‍්‍රී ලාංකිකයින්ගේ සහය අත්‍යවශ්‍ය බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා. 

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේ වීරකැටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.