Friday, September 20, 2024

General line - 0115112241

සුගතදාසයේ සේවකයින් නිසි පරිදි සේවය නොකිරීම නිසා අලුත් ප්‍රශ්නයක්




සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ සේවයට යොදවා සිටින පිරිස් නිසි පරිදි සිය සේවා ඉටු නොකිරීම හේතුවෙන් ගැටළුකාරී තත්වයක් මතුව තිබෙනවා.

නෙත් ස්පෝර්ට්ස්මන් මේ සම්බන්ධයෙන් සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පාලනාධිකාරියෙන් විමසීමක් කළා. 

එහි සභාපති බි‍්‍රගේඩියර් සමන්ත ගුණවර්ධන ප‍්‍රකාශ කළේ සේවකයින් නිසි පරිදි කටයුතු නොකරන බවයි. 

ඔවුන් නියමිත වේලාවට සේවයට වාර්තා නොකරන අතර සේවා ඉටු කිරීම ද කල්මරමින් සිදු කරන බවයි ඔහු කියා සිටියේ. 

මේ හේතුවෙන් සුගතදාස ක‍්‍රීඩාංගණයේ කටයුතු නිසි පරිදි සිදු කර ගැනීමට යුද හමුදා සහය ලබා ගැනීමට සිදු වූ බවද බි‍්‍රගේඩියර් සමන්ත ගුණවර්ධන නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළා. 

සේවකයින් තම රාජකාරී නිවරැදි ලෙස ඉටු කරන්නේ නම් ඊට ආදේශක අවශ්‍ය නොවන බවද මෙහිදී අවධාරණය කෙරුණා.