Friday, September 20, 2024

General line - 0115112241

අවිස්සාවේල්ලේ තියුණු ආයුධයකින් ඇණ තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට පරීක්ෂණ ඇරඹේ




අවිස්සාවේල්ල යාහැල්ලවත්ත කුඩගම පාර ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ඇණ තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

සිද්ධියට සම්බන්ධ බව කියන තරුණයාද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. 

සැකකරු අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 

ඊයේ පස්වරුවේ මෙලෙස ඝාතනයට ලක්වූයේ 20 හැවිරිදි වියේ පසු වූ බලංගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්. 

ඇය අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ඇඟළුම් සේවිකාවක් ලෙස කටයුතු කළා. 

කලක සිට පැවති පේ‍්‍රම සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.