Friday, September 20, 2024

General line - 0115112241

මාතෘ භූමිය වෙනුවෙන් කැප වූ විශිෂ්ටයින් අනූවකට ජාතික සම්මාන




මාතෘ භූමිය වෙනුවෙන් සිය සුවිශේෂී දායකත්වය ලබා දුන් විශිෂ්ට පුද්ගලයින් අනූ දෙනෙකුට ජාතික සම්මාන පිරිනැමීම අද (20) සිදු වනවා. 

ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.  දේශයේ ප‍්‍රගතිය සඳහා විවිධ කේෂ්ත‍්‍ර ඔස්සේ අද්විතීය දායකත්වය ලබා දුන් ශ‍්‍රී ලාංකිකයින්ගේ මෙහෙවර ඇගයීම මෙම සම්මාන උළෙලේ අරමුණයි. 

වසර 12 කට පසු මෙම සම්මාන උළෙල පැවැත්වීමද විශේෂත්වයක්. මෙහි දී පිරිනැමෙන උච්චතම සම්මානය වන්නේ ශ‍්‍රී ලංකාභිමාන්‍ය සම්මානයයි. 

ඊට අමතරව දේශමාන්‍ය සම්මාන 10 ක්, දේශබන්ධු සම්මාන 09 ක්, විද්‍යාජෝති සම්මාන 11 ක්, ශ‍්‍රී ලංකා රංජන සම්මාන 02 ක්, කලාකීර්ති සම්මාන 22 ක් සහ ශ‍්‍රී ලංකා ශිඛාමණී සම්මාන 07 ක් ද පිරිනමනවා. 

එමෙන්ම විද්‍යානිධි සම්මාන 10 ක්, කලා ශූරී සම්මාන 14 ක්, ශ‍්‍රී ලංකා තිලක සම්මාන 02 ක් සහ වීරප‍්‍රනාප සම්මාන 02 ක් ද මෙහි දී පිරිනැමීමට නියමිතයි.