Friday, September 20, 2024

General line - 0115112241

ටොරෙන්ටෝ නගරාධිපති උතුරේ දී යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහි කරයි (PHOTOS)




සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින කැනඩාවේ ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ඩොරී, යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහි කිරීමේ ගුණ සැමරුමකට එක්වුණා. 

ඒ, මුලතිව්, මුල්ලියාවේලි වෙරළ තීරයේදීයි. නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ එහිදී ටොරෙන්ටෝ නගරාධිපතිවරයා ඇතුළු පිරිස මියගිය දෙමළ ජනතාව වෙනුවෙන් පහන් දල්වා ගුණ සැමරුමක නිරතවූ බවයි. 

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.