කේරළ ගංජා ළඟ තබාගත් පුද්ගලයෙකු වව්නියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වව්නියාව පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝ එකයි ග්රෑම් 700 ක් පමණ සොයා ගැණුනා.
සැකකරු කිලිනොච්චි ප්රදේශයේ සිට තැරව්කරුවන් මාර්ගයෙන් කේරළ ගංජා රැගෙනවිත් තදාසන්න ප්රදේශයන්හි දී බෙදා හැරීමට සූදානම්ව සිට ඇති බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.
ඔහු වව්නියාව මහේස්ත්රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.