Friday, September 20, 2024

General line - 0115112241

ආරච්චිකට්ටුවේදී කොල්ලකරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි




ආයුර්වේද වෛද්‍යවරියක් පැළඳ සිටි රන් මාලයක් කොල්ලකා පලා යමින් සිටි යතුරුපැදිකරුවන් දෙදෙනෙකුට හලාවත පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් අද (20) පෙරවරුවේ වෙඩි තබා තිබෙනවා. 

ඒ, ආරච්චිකට්ටුව ප්‍රදේශයේදීයි. මාර්ගයේ ගමන් කරමින් සිටි ආයුර්වේද වෛද්‍යවරියගේ රන් මාලය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව ආසන්නයේ දී කොල්ලකරුවන් විසින් පැහැරගෙන තිබෙනවා. 

අනතුරුව ඔවුන් පුත්තලම දෙසට පලා ගොස් ඇති අතර එහිදී හලාවත පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු විසින් කොල්ලකරුවන් දෙදෙනාට වෙඩි තබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

නොනවත්වා පලා ගිය කොල්ලකරුවන් දෙදෙනා මුන්දලම කීරියන්කල්ලිය ප්‍රදේශයේ දී තරුණියකගේ ගැටීමෙන් අනතුරකට ද ලක් වුනා.

එම අනතුරෙන් තුවාල ලැබූ තරුණිය හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

මුන්දලම කලපුවට පැන පලා යාමට උත්සහ කල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වුණා. 

වෙඩි වැදීමෙන් කොල්ලකරුවන් දෙදෙනා ද තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.