Friday, September 20, 2024

General line - 0115112241

ජනපතිට සහ අගමැතිට අධිකරණයේ පෙනී සිටින්නැයි යළි සිතාසි




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අද (20) යළි සිතාසි නිකුත් කෙරුණා. 

ඒ, කූඨ ලේඛන සැකසීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායකට එරෙහිව ගොනු කර ඇති නඩුවට අදාළවයි. 

ඒ අනුව ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට ජූලි මස 17 වන දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී නියෝග කෙරුණේ. 

අදාළ නඩුවේ පැමිණිලිකරුවන් වන ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස යළි සිතාසි නිකුත් කර තිබෙනවා. 

ජනාධිපතිවරයාට හා අග‍්‍රාමාත්‍යවරයාට රාජකාරි බහලූ බැවින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වන බවයි ඔවුන් ලිඛිතව දැනුම් දී තිබුණේ. 

ඒ අනුව මෙම නඩුව ජූලි මස 17 වන දින සිට 28 වනදා දක්වා දිනපතා විභාග කිරීමට ද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරචිචි නියෝග කළා.