Friday, September 20, 2024

General line - 0115112241

බලධාරීන්ගේ වරදින් කොළඹ පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අසීරුතාවක




කොළඹ අධ්‍යාපන කොට්ඨාස ජවන හා පිටිය තරග සහ කලාප කි‍්‍රකට් තරග එකම දිනක පැවැත්වීම හේතුවෙන් කී‍්‍රඩික කී‍්‍රඩිකාවන් රැසක් අද (20) දැඩි අසීරුතාවකට පත් වුණා. 

නෙත් ස්පෝර්ට්ස්මන් කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ කොළඹ අධ්‍යාපන කොට්ඨාස ජවන හා පිටිය තරගවලට සහභාගී වන සිසුන්ගෙන් බහුතරයක් කලාප කි‍්‍රකට් තරගවලට ද සුදුසුකම් ලබා සිටින බවයි. 

මේ හේතුවෙන් මෙම තරග ඉසව් දෙකටම සහභාගිවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට දැඩි  අසාධරණයක් සිදුවන බවයි කොටහේන මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පති මොහාන් වීරසිංහ නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝරට්ස්මන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමසීමක් කළා. 

පාසල් කී‍්‍රඩා අධ්‍යක්ෂ කර්නල් මංජුල කාරියවසම් පැවසුවේ ගැටලූවක් වී ඇත්නම් ඊට වහා මැදිහත් වන බවයි.