Friday, September 20, 2024

General line - 0115112241

මඩකලපුවේ අවමඟුල් නිවසක ගැටුමකින් නව දෙනෙකුට තුවාල




මඩකලපුව කාත්තන්කුඩි ප‍්‍රදේශයේ අවමංගල්‍ය නිවසක සිදු වූ ගැටුමකින් ගර්භනී මවක් ඇතුළු නව දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඔවුන් ප‍්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි. 

බරපතල තත්ත්වයේ පසු වූ එක් අයෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා. 

අදාළ නිවසේ ජීවත් වූ 74 හැවිරිදි කන්දසාමී සල්වමණි නැමති කාන්තාවක් ඉකුත්දා මිය ගියා. 

ඇයගේ මුණුබුරන් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වුනේ.