Friday, September 20, 2024

General line - 0115112241

චෝදනාවක් මත ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය තිබෙනවා - නීතීඥ ප‍්‍රතිභා මහානාමහේවා




චෝදනාවක් මත සැකකරුවෙකු ලෙස  ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නෛතික බලයක් ඇති බව නීතිවේදීන් පවසනවා. 

ඔවුන් පෙන්වා දෙන්නේ මානව හිමිකම් උල්ලංඝනය වීම යන කරුණට යටත්ව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මග හැරීමට පොලිසියට බලයක් නොමැති බවයි. 

නෙත් එෆ්.එම් රේඩියෝවේ අද උදෑසන විකාශය කෙරෙනු නෙත් එෆ් .එම් බැලූම්ගල වැඩසටනට අදහස් දක්වමින් නීතීඥ ප‍්‍රතිභා මහානාමහේවා මේ බව සඳහන් කලා. 

කොස්ගම කඩුගොඩ සහ දර්මග‍්‍රාම යන ගම්මාන දෙකෙහි ගම්වැසියන් අතර පවතින ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ බැලූම්ගල වැඩසටහනින් අද කරුණු අනාවරණය කෙරුණා. 

කෙසේ වෙතත් මෙම ගැටුමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් සිදු කර නැහැ. 

පොලිසියේ එම ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් නීතීඥ ප‍්‍රතිභා මහානාමහේවා මෙලෙස කරුණු දැක්වූවා. 

අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද නීතීඥ ප‍්‍රතිභා මහනාම හේවා මෙලෙස කරුණු පැහැදිලි කලා.