Monday, December 23, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයෙන් නව සංවිධායකවරු




ගාල්ල දිස්ත‍්‍රික්කය සඳහා පත් කෙරුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් තිදෙනා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් අද (21) පත්වීම් ලබා ගත්තා.

ඒ බලපිටිය, අක්මීමන හා රත්ගම යන ආසන සඳහායි.

බලපිටිය ආසනය සඳහා දයාරත්න ද සිල්වා පත්වීම් ලිපිය ලබා ගත්තා. අක්මීමන ආසනය සඳහා පත්වීම් ලිපිය ලබා ගත්තේ දකුණු පළාත් සභා අමාත්‍ය යූ.ජී.ඞී ආරියතිලකයි. රත්ගම ආසනය සඳහා පළාත් සභා මන්ත‍්‍රී අමරසිරි කුරුවගේ පත්කර තිබෙනවා.