Saturday, September 21, 2024

General line - 0115112241

බැදුම්කර විමර්ශන අවසන්වන තෙක් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් ඉවතට




බැදුම්කර ගණුදෙණු පිළිබද ජනාධිපති කොමිසමේ විමර්ශන අවසන් වන තුරු මහ බැංකු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් ඉවත් කිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

බැදුම්කර ගණුදෙනු පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී සමරසිරි ඊයේ සාක්ෂි ලබා දුන්නා. 

ඒ අනූවයි මූල්‍ය මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත්තේ. 

ජනාධිපති කොමිසමේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඉකුත් හය වැනිදා මූල්‍ය මණ්ඩලය මේ පිළිබද සාකච්ඡාකර තිබෙනවා. 

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා පැවසුවේ ඉකුත් විසි වනදා සිට බලපැවැත්වෙන පරිදි ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් ඉවත් කර නව සාමාජිකයින් පත් කිරීමට එම රැුස්වීමෙන් පසු තීරණය වූ බවයි. 

තමන් ද ටෙන්ඩර් මණ්ඩලයෙන් ඉවත් කර ඇති බවට ලිඛිතව දැනුම් දුන් බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.