Saturday, September 21, 2024

General line - 0115112241

විල්පත්තු ගැසට් නිවේදනය ගැන ජනපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්




විල්පත්තුව වනෝද්‍යානයට යාබද වනාන්තර 04ක් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කිරීමේ ගැසට් පත‍්‍රය සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය අද (30) පැහැදිලි කිරීමක් සිදු කළා.  

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ ගැසට් පත‍්‍රය මගින් දැනට ජනතාව පදිංචි ගම්මාන, ඉඩම්, නිවාස සහ ආගමික ස්ථාන රජයට පවරා ගන්නා බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරන බවයි. 

මෙම රක්ෂිත වනාන්තර, සංරක්ෂිත වනාන්තර ලෙස ගැසට් කිරීමට පියවර ගනු ලැබූයේ වනාන්තරවල සහ ප‍්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් බවද එම නිවේදනයේ සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇතැමුන් පෞද්ගලික සහ දේශපාලන අරමුණු වෙනුවෙන් විවිධ අසත්‍ය ප‍්‍රචාර ගෙන යන බවයි. 

විල්පත්තුව වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර 04ක් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කිරීමේ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා ඉකුත්දා රුසියාවේ දී අත්සන් තැබුවා.