Thursday, May 2, 2024

General line - 0115112241

කැබිනට් සංශෝධනය ගැන එජාප නවක මන්ත‍්‍රීවරයෙකු බලාපොරොත්තුවක




කැබිනට් සංශෝධනයක් සිදුවුවද ඉන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු අසාධාරණයක් සිදු නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. 

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ යම් යම් පුද්ගලයින්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රවලට සහය දැක්වීමට කිරීමට ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා කටයුතු නොකරන බවයි. 

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කළේ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය ඉකුත්දා කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින්. 

එහිදී ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය සඳහන් කළේ කැබිනට් මණ්ඩල සංශෝධන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය වෙනස් කර ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ඇතැමුන්ද මේ වනවිට දේශපාලන රැකවල් පතා මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වීමට සූදානමින් සිටින බව මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.